WhatsApp අනාරක්ෂිත ද?..

Facebook හි WhatsApp පණිවිඩ සේවාව භාවිතය ඉතා පහසු, නමුත් මෙම පහසු සැකසුම් ක්‍රියාවලියෙන් අදහස් වන්නේ ඔබ පරිස්සම් නොවන්නේ නම් ඔබගේ ගිණුම අනිසි ලෙස භාවිතා කිරීමට විවෘත බවයි.  කෙසේවෙතත්, ඔබගේ ගිණුමේ අමතර ආරක්ෂිත සේවාව සක්‍රීය කිරීම තරමක් සරල ය, එයින් අදහස් වන්නේ ඔබේ ඉලක්කම් හයේ සක්‍රිය කිරීමේ කේතය අඩපණ වුවහොත් ඔබට එය අහිමි නොවන බවයි.


අවාසනාවකට මෙම ආරක්ෂක විකල්පයන් වුවද ප්‍රබල හැකර්වරුන්හට  නම් එතරම් ගැටළුවක් නොවේ. ඊට ආසන්නම නිදසුන වන්නේ, ලොව ධනවත්ම පුද්ගලයා වන Amazon.com හී ප්‍රධාන විධායක Jeff Bezosගේ දුරකථනය වෙත පසුගිය දිනකදී එල්ල වූ වැනි විශේෂිත ඉලක්ක ගත පහරකින් හැර අනෙකුත් පොදු බිඳවැටීම් වලින් ඔබේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ආරක්ෂිත ක්‍රමවේදය ප්‍රමාණවත් ය.


තරමක් ව්‍යාකූල ලෙස සැකසූ ඉලක්කම් හයක PIN අංකයක්  යොදා ගන්නා ආකාරය :


WhatsApp විවෘත කර තිරයේ ඉහළ දකුණේ තිත් තුන click කරන්න. 

“settings”> “Account” තෝරා ගෙන “Two Step Verification” තෝරන්න “Enable” කරන්න.

ඉන්පසු ඔබට කැමති ඉලක්කම් හයක PIN අංකයක් සඳහන් කරන්න.


මෙම මීලඟ පියවර අනිවාර්ය නොවේ, නමුත් විද්‍යුත් තැපැල් ලිපිනයක් එක් කිරීමෙන් ඔබට ඔබගේ PIN අංකය අමතක වුවහොත් ඔබගේ ගිණුම නැවත ලබා ගත හැක.  ඔබ එය භාවිතා කරන අතරතුර වට්ස්ඇප් වරින් වර ඔබගේ PIN එක ඉල්ලනු ඇත, එවිට ඔබට එය පහසුවෙන් අමතක නොවනු ඇත.

Design a site like this with WordPress.com
Get started