Huawei; Android අතහිරී?..

Huawei නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී Ren Zhengfei, ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වෙමින් පැවසුවේ ඉදිරියේ දී Huawei ස්මාර්ට් ෆෝන් හා ටැබ් සඳහා ඉදිරියේ දී HarmonyOS මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන බවයි.


HarmonyOS AKA Hongmeng OS – නවීන තාක්ෂණය සහ නවීන යෙදුම් හරහා නව පරිශීලක අත්දැකීමක් ලබා දීම සඳහා Huawei විසින් නිර්මාණය කරන ලද සහ සංවර්ධනය කරන ලද නවතම දුරකථන මෙහෙයුම් පද්ධතියකි.


Sina Tech සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Ren Zhengfei කියා සිටියේ Hongmeng OS දැනටමත් දියත් කර ඇති අතර එය අනාගතයේදී GizChina හරහා Huawei ස්මාර්ට්ෆෝන් (smartphone), ටැබ්ලට් (tablet), ටීවී(T.V) සහ වෙනත් උපාංග සඳහා යොදන බවයි.


පසුගිය දෙසැම්බරයේ හුආවේ පාරිභෝගික ව්‍යාපාර මෘදුකාංග පරිපාලන අංශයේ සභාපති Wang Chenglu පැවසුවේ Huawei ස්මාර්ට් ෆෝන්(smartphone), ටැබ්ලට්(tablet) සහ පරිගණක(PC) හැරුණු විට අනෙකුත් සියලුම Huawei උපාංගවල HarmonyOS ස්ථාපනය කරන බවත් චීනයේ සහ ලොව පුරා මෙහෙයුම් පද්ධතිය ප්‍රවර්ධනය කරන බවත්ය.


Huawei තවමත් ඇන්ඩ්‍රොයිඩ් සමඟ එක්ව කටයුතු කරන බවත්, HarmonyOS භාවිතා කරන්නේ සමාගමට ඇන්ඩ්‍රොයිඩ් වෙත ප්‍රවේශ විය නොහැකි නම් පමණක් බවත් Wang Chenglu විටෙක පැවසීය.


මෘදුකාංග ප්‍රධානියා කියා සිටියේ HarmonyOS නිරන්තරයෙන් වැඩිදියුණු වෙමින් පවතින අතර 2020 අගෝස්තු වන විට HarmonyOS විවෘත මූලාශ්‍රයක් ලෙස නිල වශයෙන් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි.

Design a site like this with WordPress.com
Get started