ලොව සැහැල්ලුතම පරිගණකය?

HP Elite Dragonfly, දීර්ඝ කාලයක් තිස්සේ HP සමාගම විසින් පරීක්‍ෂා කරන ලද 2-in-1 Laptop පරිගණක අතරින් ආකර්ෂණීය පෙනුමක් සහිත මෙම නවතම Laptop පරිගණකය සිහින් සහ ඉතා සැහැල්ලු බවින් යුක්ත අතර එය විශේෂයෙන්ම සංචාරකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇත.

HP Elite Dragonfly අනිවාර්යයෙන්ම ලාභදායී නොවන බව ඔබ මතක තබා ගත යුතුය. දැනට මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 1,629 ක් (£ 1,618, AU $ 2,770) වැනි අගයක් ගෙන තිබේ. මෙම ලැප්ටොප් පරිගණකය සංචාරක වෘත්තිකයන් සඳහා ම විශේෂයෙන් ඉලක්ක කර ඇති නිසා මෙම මිල තව දුරටත් සංශෝධනය වනු ඇති බව විශ්ලේෂකයින් ගේ මතයයි, නමුත් මෙය අනිවාර්යයෙන්ම ප්‍රධාන පෙළේ ඇති Laptop පරිගණක සමාගම් සඳහා ද දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

මෙම Laptop පරිගණකය සංචාරක වෘත්තිකයාට ම විශේෂිත වන්නේ මෙහි එන LTE ඒකාබද්ධතාවයයි. සමහර අන්තර්ජාලය ප්‍රවේශ වීමේ ගැටළු නිසා “online anywhere” යන නවතම සංකල්පය මෙය නිර්මාණය කර ඇති බැවින් එය පරිශීලකයින්ට නවතම අත්දැකීමක් වනු ඇත.

අත්‍යවශ්‍යයෙන්ම, සංචාරක වෘත්තිකයන් වශයෙන්, HP එලයිට් ඩ්‍රැගන්ෆ්ලයි සිහිනයක් සැබෑ කර තිබේ. ඔබ නිරන්තරයෙන් පාරේ ගමන් කරන්නේ නම්, සැහැල්ලු සැකසුම, සැමවිටම සම්බන්ධිත LTE ආවරණය සහ වේගවත් අභ්‍යන්තරය මෙහෙයුම් පද්ධති යන විශේෂාංග නිසා HP Elite Dragonfly දැනට පවතින විශිෂ්ටතම Laptop පරිගණක වලින් එකක් ලෙස ද සැලකේ.

HP Elite Dragonfly හි විශේෂාංග පහත පරිදි දැක්විය,


CPU: 1.8GHz Intel Core i7-8565U (quad-core, 8MB cache, up to 4.6GHz)

Graphics: Intel UHD Graphics 620

RAM: 16GB LPDDR3 (2,133MHz)

Screen: 13.3-inch, FHD IPS BrightView WLED

Storage: 512GB PCIe SSD

Ports: 2 x Thunderbolt 3 (USB-C), 1 x USB 3.1 Type-A, HDMI, headset jack, External Nano SIM

Connectivity: Intel AX200; Wi-Fi 6; Bluetooth 5

Camera: Widescreen HD (720p) webcam

Weight: 2.2 pounds (0.99kg)

Size: 11.98 x 7.78 x 0.63 in (30.42 x 19.76 x 1.6cm; W x D x H)

Design a site like this with WordPress.com
Get started