නැතිවුන දුරකථන සොයා දීමට පොලීසියෙන් අලුත් වැඩක්…

අස්ථානගත වූ දුරකථන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සඳහා පහසු ක්‍රමයක් හඳුන්වාදීමට පොලිසිය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව එක්ව පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රමවේදය අනුව යම් පුද්ගලයෙකුගේ දුරකථනය අස්ථාන ගතවුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිලි කිරීම හෝ ලිපියක් මඟින් දැනුම් දීම වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීමට අදාළ පුද්ගලයාට හැකියාව ලබා දී තිබෙනවා.

www.ineed.police.lk/ යන වෙබ් අඩවිය ඔස්සේ අදාළ පැමිණිල්ල සිදුකර ගත හැකි අතර එම ක්‍රියා පටිපාටිය සිදුකළ යුතු අයුරු දැක්වෙන දැනුවත් කෙරෙන වීඩියෝ පට කීපයක් ද එම වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

ඔබේ දුරකතනය අස්ථානගත වීමට පෙර දැන් ම ඉහත වෙබ්අඩවිය වෙත පිවිස එහි ලියාපදිංචි වන්න.මේ ඔස්සේ තවත් වාසි ගණනාවක් ම ලබා ගැනීමට හැකියාව පරිශීලකයින් වෙත ලැබී ඇත.

Design a site like this with WordPress.com
Get started